cess99
Skip to main content
SPED
  • Home
  • 1-5 ශ්‍රේණි
    All courses Course search
    FAQ
  • 6-9 ශ්‍රේණි
  • 10-11 ශ්‍රේණි
    සිංහල ගණිතය විද්‍යාව 1 වන කාණ්ඩය
  • 12-13 ශ්‍රේණි
  • More
You are currently using guest access
Log in
Home 1-5 ශ්‍රේණි Collapse Expand
All courses Course search FAQ
6-9 ශ්‍රේණි 10-11 ශ්‍රේණි Collapse Expand
සිංහල ගණිතය විද්‍යාව 1 වන කාණ්ඩය
12-13 ශ්‍රේණි
  1. TGOL2023
  2. වෙබ් සත්කාරක (Web Host)

වෙබ් සත්කාරක (Web Host)

Completion requirements

නිර්මාණය කරන වෙබ් අඩවිය, අන්තර්ජාලය ඔස්සේ ඕනෑ ම අයකුට ඕනෑ ම මොහොතක ඕනෑ ම තැනක සිට ප්‍රවේශ විය හැකි ලෙස කිසි යම් ස්ථානයක තැන්පත් කර තැබිය යුතු ය. මෙවැනි සේවා සපයන පරිගණක වෙබ් සත්කාරක ලෙස හැඳින්වේ.

වෙබ් අඩවිය නිර්මාණය කරනුයේ මහා පරිමාණ ආයතනයක් සඳහා නම් බොහෝ විට ඔවුන් සඳහා ම වෙන් වූ වෙබ් සත්කාරකයක් (Dedicated host) පවත්වා ගනු ලැබේ. කුඩා පරිමාණ ආයතන නම් වෙනත් ආයතන විසින් පවත්වාගෙන යන හවුල් වෙබ් සත්කාරකවලින් (Shared hosts) කිසි යම් ඉඩක් ලබාගනියි. හවුල් වෙබ් සත්කාරක තුළ ආයතන සමුහයක වෙබ් අඩවි පවත්වා ගන්නා අතර ඒවාට වෙන් කරන ගබඩා ධාරිතාව අනුව මූලික ගාස්තුවක් සහ වාර්ෂික ගාස්තුවක් අය කෙරේ. ශ්‍රී ලංකාව තුළ මෙන් ම ලෝකය පුරා ම මෙවැනි වෙබ් සත්කාරක සේවා සපයන ආයතන බොහොමයක් පවතී.

නොමිලේ වෙබ් සත්කාරක සේවා සපයන ආයතන ද ඇත. විවිධ වෙබ් අඩවි ඔස්සේ මෙම පහසුකම ලබාගත හැකි ය. මෙහි දී ඔබේ වෙබ් අඩවිය තුළ ඔවුන්ගේ දැන්වීම් ද ප්‍රදර්ශනය වේ.


This lesson is not ready to be taken.
You are currently using guest access (Log in)
Data retention summary
Get the mobile app
Powered by Moodle