ගැටලුවක් විශ්ලේෂණය කිරීම
Completion requirements
ඔබ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයක් මගින් යම් කෙනෙකු මුදල් ලබාගන්නා ආකාරය නිරීක්ෂණය කර තිබේද?එහිදී අනුගමනය කරන පියවර සිහියට නගන්න .
පළමුව අප මුදල් ලබාගැනීම ආරම්භ කිරීම සඳහා අපගේ ටේලර් කාඩ් පත යන්ත්‍රයට ඇතුලත් කල යුතුයි. දෙවනුව අප අපගේ රහස් අංකය ඇතුලත් කල යුතුයි. රහස් අංකය වැරදි නම් අපට එතනින් ඉදිරියට යන්නට නොහැකි වන අතර නැවත රහස් අංකය නිවැරදිව ඇතුලත් කරන්නට අවස්ථාවක් ඔබට ලැබෙනවා. ඉන්පසු අප තිරයේ දිස්වෙන විකල්පයන් අතුරින් එක් විකල්පයක් තෝරාගන්නවා. මෙහිදී නම් “මුදල් ආපසු ගැනීම” යන පියවර තෝරාගන්නවා. එවිට අපට ලබාගත යුතු මුදල් ප්‍රමාණය සටහන් කිරීමට සිදුවෙනවා. අනතුරුව, එම ප්‍රමාණය නිවැරදි දැයි නැවත පරීක්ෂා කර නැවත ගනුදෙනුවක් කිරීමට අවශ්‍ය නැත්නම් අපට අපගේ කාඩ් පත සහ මුදල් ලැබෙනවා.
දැන් බලන්න, මුදල් ලබාගන්න අපට පියවර කීයක් පසු කරන්නට සිදු වුනාද? මෙහිදී විස්තර කර ඇත්තේ මුදල් ලබාගත හැකි එක සරල ආකාරයක් පමණයි. මෙවැනි පියවර අනුපිළිවෙලක් අපට ක්‍රමවේදයක් ලෙස හදුන්වන්නට පුළුවනි. එසේම, එකම ගැටළුවක් විසඳීම සඳහා ක්‍රමවේදයන් කීපයක් තිබෙන්නටත් පුළුවනි. මෙම පාඩමෙන් ඉදිරිපත් කරන ඇල්ගොරිතම ලෙස හඳුන්වන්නේ ද මෙවැනි ක්‍රමවේදයක් වේ. මෙම පාඩමේදී ,ඇල්ගොරිතම යනු මොනවාද , ඇල්ගොරිතම ලියා දක්වන ආකාර මොනවාද , එසේ ලියා දක්වන ආකාරය සහ ගැටළුවක් විසඳීම සඳහා අනුගමනය කරන්නට අවශ්‍ය පියවර මොනවාද යන කරුණු සලකා බලමු.
ගැටළුවක් විසඳීමේ අදියර.
- ගැටලුව විශ්ලේෂණය කිරීම.
- ගැටලුව සඳහා ඇල්ගොරිතම ගොඩනැගීම.
- පරිගණක ක්‍රමලේඛය සැකසීම.
- පරිගණක ක්‍රමලේඛයෙහි ඇති දෝෂ හඳුනාගැනීම, නිවැරදි කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
දැන් අප ගැටළුවක් විසඳීමේ අදියර 4 පියවරෙන් පියවර බලමු.
1. ගැටලුව විශ්ලේෂණය කිරීම.
ගැටලුව විශ්ලේෂණය කිරීමේදී ආදාන (input), ප්‍රතිදාන (output) සහ ක්‍රියාවලිය (process) පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය.
උදාහරණය: සංඛ්‍යා 3ක සාමාන්‍ය යේ අගය සෙවීම.
ආදාන (Inputs) : පළමු සංඛ්‍යාව, දෙවන සංඛ්‍යාව සහ තෙවන සංඛ්‍යාව
ක්‍රියාවලිය (Process) : සංඛ්‍යා තුනේ එකතුව / 3
ප්‍රතිදානය (Output) : සාමාන්‍යය
Last modified: Friday, 10 December 2021, 3:29 PM